විවීමරී වැන්ඩ(ර්)පූ(ර්)ටන් සුපතල කිවිඳිය සමඟ කතාබහක්

Tuesday, March 19, 2013





සාකච්ඡාව සහ පරිවර්ථනය : නිරෝෂන් පත්බේරිය


Nothing Prepares You සහ Stitch Your Eyelids Shut යන කෘතීන් ගැන කථා කිරීමේදී අපට සිහිවන්නේ
සුන්දර සිනහවකින් සැරසුණු විවීමරී වැන්ඩ(ර්)පූ(ර්)ටන්  හැර අන් කවරෙකු හෝ නොවේ. 2007 වසරේදී ගෞරවනීය ග්‍රේෂ්න් සම්මානයෙන් ඇය පිදුම් ලැබූ Nothing Prepares You කාව්‍ය සංග්‍රහයත් සමඟ පාඨකයින්ගේ කිවිඳියක් වීමට ලැබීම ඇය ඇගේ ජීවිතයේ නිහතමානී ගෞරවයක් ලෙස සලකන්නීය.

කිවිඳියක් මෙන්ම විශ්ව විද්‍යාලීය කථිකාචාර්යවරියක් වශයෙන් ද ඇය ශාස්ත්‍රීය සහ නිර්මාණාත්මක යන අංශ දෙකටම වටිනා සේවාවන් ඉ‍ටුකර ඇත. ද්වී භාෂා අධ්‍යාපනය, දෙවන භාෂා ප්‍රතිග්‍රහණය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ අධ්‍යයනය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඇය සිදු කර ඇති පර්යේෂණ ඇයගේ නිර්මාණ තරමටම විශිෂ්ටය.

මෙසේ කටයුතු ගණනාවක නිරතව සිටින ඇය ඇගේ කාලයෙන් ඉඩක් අපට ද ලබා දුන්නේ ඉතාමත් සතුටිනි.
මේවන විට ඔබේ නිර්මාණ සම්බන්ධව අළුත් තොරතුරු මොනවාද?
මම දැනට නම් මගේ ශාස්ත්‍රීය සහ වෘත්තීය කටයුතු වල පමණයි නිරතව සිටින්නේ. විශේෂයෙන් නිර්මාණයකට තවම හිත යොදවලා නැහැ. ඉඳහිට මම කවි රචනා කරනවා. නමුත් ඒ පිළිබඳ තව තවදුරටත් අවධානය යොමුකරන්න, සංස්කරණය කරන්නට අවශ්‍යයි.
ඔබගේ මෙතෙක් පළවී ඇති කාව්‍ය නිර්මාණ වලට ලැබෙන ප්‍රතිචාර මොනවගේ ද?
මට ලැබෙන ෆේස්බුක් පණිවිඩ, ඊමේල් සහ දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණය සලකා බලන විට මගේ නිර්මාණ වලට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් හොඳ මට්ටමක තිබෙන බව කියන්න පුළුවන්
කිවිඳියක් වීම ඔබේ ළමා කාලයේ බලාපොරොත්තුවක් ඉ‍ටුවීමක් ද? නැතිනම් එය පසුකාලීනව ඔබගේ කැමැත්තක් ඇතිවූවක් ද?
නැහැ. දැන් මම කරන කිසිම දෙයක් මගේ ළමා කාලයේ බලාපොරොත්‍ටු වූ දේවල් නොවෙයි. කිවිඳියක් වීමත් ඉබේ සිදුවූවක්
අද වනවිට ජාත්‍යන්තරව පිළිගත් කිවිඳියක් වීමට ඔබේ ලමා කාලයේ අත්දැකීම් ඔබට උපකාර වුණේ කොහොමද?
මම හිතන්නෙ "ජාත්‍යන්තරව පිළිගත්" කියන කොටස මට යෝග්‍යය නැහැ.මම තවම ඒ තත්වයට පැමිණ නැහැ. සමහර විට කවදාවත්ම නො එන්නත් පුළුවන්. මගේ ළමා කාලයේ අත්දැකීම් පැහැදිළිවම මගේ නිර්මාණ කාර්යයන්ට දායක වුණා. නමුත් මගේ කවි සහ ළමා කාලය අතර සෘජු සම්බන්න්ධයක් මම දකින්නෙ නැහැ. සමහර විට මගේ ළමා කාලය දෝලනයන් සහිත, සිදුවීම් වලින් ගහණ නිසා මම  මගේ සංවේදී බව හඳුනා ගත්තා වෙන්න පුළුවන්.
කිවිඳියක් ලෙස ඔබේ ගමනේදී ඔබ ආභාෂය ලැබුවේ මොනවගේ සිදුවීම් සහ පුද්ගලයින්ගෙන් ද?
පුද්ගලික සිදුවීම් වගේම යුද්ධය, ප්‍රචණ්ඩත්වය, හිංසනය සහිත රටක හැදී වැඩීම මට එම සිදුවීම් වලට නිර්මාණාත්මකව ප්‍රතිචාර දක්වන්න උදවු වුණා. මම විශව විද්‍යාලයේදී ඉංග්‍රීසි සාහිත්‍යය මගේ ප්‍රථම උපාධිය වෙනුවෙන් මම ඉගෙනගත්ත. ඒ නිසා මම හිතන්නේ ඒ අතිවිශිෂ්ට ලේඛකයන්ගේ ආභාෂය මම නොදැනුවත්වම හෝ ලැබුවා. ලෙඛකයන් බොහොමයකගේ නිර්මාණ වලින් මම ආභාෂය ලබා තිබෙනවා. ඒ අතර කමලා දාස්, ඉන්ද්‍රන් මිර්තනායගම්, ශැරෝන් ඕල්ඩ්ස් වගේ ලේඛකයන් සිටිනවා
කියවීම ප්‍රසිද්ධ ලේඛකයින් බොහොමයකගේ වෘත්තීය මෙන්ම සාමාන්‍ය ජීවිතයේ ද පුරුද්දක්? කියවීම ඔබේ ජීවිතයේ කොටසක් වෙලා තිබෙන්නේ කොහොමද?
මම හිතන්නෙ කියවීමත් හුස්ම ගැනීම වගේම අවශ්‍යය දෙයක්.මට නිදාගන්න විට, ගමනක්, විනෝද චාරිකාවක් යන්නවිට, ගුවන් ගමනක් යනවිට පොතක් අවශ්‍යමයි. මට ලියන්න කියවන්න පුළුවන් වූ දින පටන් පොත් කියවීම නිතරම මගේ ජීවිතයේ ප්‍රධාන කොටසක්
පොත් කියවීමෙන් ඔබ ලබාගන්නා අමතර දේවල් මොනවාද?
වෙනත් පුද්ගලයින්ගේ හිත් වලට ඇතුල්වෙන්න, ඒ අයට දැනෙන දේවල් දැනගන්න පොත් කියවීමෙන් පුළුවන්
ඔබගේ ප්‍රියතම පොත් සහ ලේඛකයින් සඳහන් කලොත්?
විශාල ප්‍රමාණයක් සිටිනවා. මා(ර්)ග්‍රට් ඇට්වුඩ් ගේ කවි සහ පොත් මම නැවත නැවත කියවනවා. මිලාන් කුන්ඩෙරා, සිල්වියා ප්ලාත්, ඊ. ඊ. කමිංග්ස්, වුසාකා සිබෝර්ස්කා, ඈන් සෙක්ස්ටන්, පැබ්ලෝ නරූඩා. මම කලින් කිව්ව වගේ එක් අයෙක් කියල කියන්න හරිම අපහසුයි

මේ අවස්ථාව වනවිට ඔබ කියවමින් සිටින පොත් මොනවාද?
මේවනවිට මම සහ The Book Thief ජුම්පා ලහිරිගේ Unaccustomed Earth කියවමින් සිටිනවා

කාව්‍යකරණයට අමතරව කෙටිකතා, නවකතා වගේ වෙනත් ක්ෂේත්‍ර ගැන ඔබ අවධානය යොමු කර තිබෙනවාද?
මම ඒ ගැනත් අවධානය යොමුකර තිබෙනවා. එය තවමත් මගේ හිතේ තිබෙන්නෙ. මම මීලඟට ගද්‍ය සහ පද්‍ය දෙකම අන්තර්ගත් පොතක් පළ කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් තවම ස්ථිර නැහැ.
ලංකාවේ ග්‍රේෂන් සම්මානය දිනූ ප්‍රථම කිවිඳිය ඔබයි. 2009 සාර්ක් කාව්‍යකරණ සම්මානයත් ඔබ දිනා තිබෙනවා. මෙසේ සම්මාන ‍රැසක් දිනා තිබෙන ඔබට ලංකාවේ සම්මානලාභී කිවිඳියක් වීම පිළිබඳ දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? 
ග්‍රේෂ්න් සම්මානය දිනූ ප්‍රථම කිවිඳිය මම වුණත් එකම කිවිඳිය මම පමණක් නොවෙයි. මට එය නිහතමානී ගෞරවයක් ලෙසයි දැනෙන්නේ. මම හිතන විදියට ශ්‍රී ලාංකිකයින් ඉතාමත් දක්ෂතා ඇති අය. ශෙහාන් (ශෙහාන් කරුණාතිලක) තවත් විශාල ජාත්‍යන්තර සම්මාන දිනා තිබෙනවා. අපිට ඔහුගැන ආඩම්බරයි. සම්මාන දිනීම ගැන විශේෂ හැඟීමක් නැහැ, වඩා වැදගත් වන්නේ ඔබේ පොතක් හෝ කවියක් කොතරම් හාස්‍යජනකද, උද්යෝගීමත්ද, ගුණාත්මකද කියල පාඨකයින් ඔබට කියන විටයි.
ලංකාවේ නැඟී එන ලේඛකයින්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
අවංකව ලියන්න, හොඳින් ඔබේ නිර්මාණය සංස්කරණය කරන්න, විචාර වලට විවෘත්ත වන්න, ඔබ කියන්න යන කතාව පිළිබඳ විශ්වාස කරන්න

0 comments:

Post a Comment

 
Japura Live © 2013 | Designed by Hansaja Dias, in collaboration with Rotaract Club of USJP, Uncharted 3 and MW3 Forum